මේක ටුවරිසම් නෙමෙයි ට්‍රෑෆිකින් – උවිදු කුරුකුලසූරිය

මේක ටුවරිසම් නෙමෙයි ට්‍රෑෆිකින් - උවිදු කුරුකුලසූරිය

මේක ටුවරිසම් නෙමෙයි ට්‍රෑෆිකින් - උවිදු කුරුකුලසූරිය

යුක්‍රේනියන් ගෑල්ලමයි 18කට මාස තුනකට වීස දීල තියෙනව කියන එක යට හියුමන් ට්‍රෑෆිකින් සීන් එකක් තියෙනව කියල මට හිතෙන්නෙ. ලංකාවෙ විදේශීය සෙක්ස් වර්කර්ස්ල සැලකිය යුතු ප්‍රමාණයක් යුක්‍රේනියන්. ලෝකෙ ලස්සනම ගැහැණු ඉන්න රටක් හැටියටත් යුක්‍රේනය ප්‍රසිද්ධයි.

මම කාලෙකට පෙර බැංකොක් ඉඳන් එනකොට ලංකාවට කිට්ටු වෙනකොට මා ලඟ වාඩිවෙලා හිටිය සුදු කෙල්ලෙක් ඩිස් එම්බාර්කින් කාඩ් එක දීල කිව්ව පුරවල දෙන්න කියල​. මට ටිකක් අප්සෙට් ගියා. මම ඇහැව්ව ඉංග්‍රීසි බැරිද කියල​, බැහැ කිව්ව​. ඊට පස්සෙ මට එයාගෙ පාස්පෝට් එක දුන්න​. ඒක යුක්‍රේනියන් පාස්පෝට් එකක්.

මම ඒකෙ තියෙන ඒව බලල කාඩ් එක පුරවල දුන්න​. කොච්චර කල් ඉන්නවද කියල ඇහැව්වම මාස තුනයි කිව්ව​. මම ටිකක් පාස්පෝට් එක පෙරලල බැලුවම බැංකොක්, කොළම්බෝ ගොඩක් එන්ට්‍රීස් තිබ්බ​. කොහෙද නවතින්නෙ කියල ඇහැව්වම තාජ් එකේද කොහෙද කියල කිව්ව​. මම ඒ කෙල්ල සිංහල මිනිහෙක් එක්ක බැංකොක් එයාපෝට් එකේ ඉන්නව දැක්ක. මට තවත් සැක හිතුන​. කොහොම හරි ප්ලේන් එකෙන් බහින්න ඉස්සර ටිකක් ඉස්සරහක වාඩි වෙලා හිටපු ඒ මනුස්සය නැගිටල කෙල්ල දිහා බලනව මම දැක්ක​. කොහොම හරි මම කලින් එයාපෝට් එකෙන් එලියට ඇවිත් සිගරට් එකක් ගහ ගහ ඉන්නකොට දෙන්නම එකට එලියට ඇවිත් ටැක්සියකට නැගල යන්න ගියා.

ඔය කතාව මම මගේ යාලුවෙක් එක්ක කිව්වම ඌ මට කිව්ව, අයියෝ ඕක දන්නෙ නැද්ද​? උන්ව ලංකාවට ගේන පිම්පියො ඉන්නව​, උන්ට මෙහෙ වීසා ඉවර උනාම වෙන රටකට ගිහින් සතියක් දෙකක් ඉඳල ආපහු ලංකාවට එනව​. මොකද ඔන් අරයිවල් වීසා. හොඳ හෝටලයක තියල පිම්පියො ඒ කෙල්ලන්ව විකුණනව කියල​. උන්ට පොඩි ගානයි දෙන්නෙ, යුක්‍රේනෙ තත්ත්වෙ අනුව උන්ට ඒ හොඳටම ඇති කියල​. මේ උදයංග සීන් එකත් එක්ක මේ ගැන ගවේශණාත්මක ලිපියක් ලියනව නම් කවුරු හරි හොඳයි. ඒ කෙල්ලො ඉන්නෙ පිම්පි නෙට්වර්ක් එකේ ග්‍රහණයෙ.

මේක ටුවරිසම් නෙමෙයි ට්‍රෑෆිකින්!

– උවිදු කුරුකුලසූරිය –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *