ලංකාව පිළිබඳ වාර්තාවට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි

ට්‍රම්ප්ගේ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ට්‍රම්ප්ගේ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඇමරිකා එක්සත් ජනපදයෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2021 වසරේ දී ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා දීමේ යොජනාවකට අත්සන් කර ඇති බව එම රටේ වාර්තා සඳහන් කරයි. මෙම යොජනාව ඩොලර් ට්‍රිලියන 2.3 ක් වේ.

2021 සැප්තැම්බර් 30 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමයි මෙම යෝජනාවේ ඇතුළත්වේ.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රසය ශ්‍රී ලංකාවට මෙම අරමුදල් ලබා ගැනීම සඳහා කොන්දේසි නියම කර තිබේ. එනම්, මහජන චීන සමූහාණ්ඩුවේ බලපෑමට එරෙහිව ශ්‍රී ලංකාව ස්වෛරීභාවය තහවුරු කළ යුතු බව ද එහි සඳහන් වේ.

එසේම, කොන්ග්‍රසය විසින් මෙම ප්‍රදානයන් ප්‍රදානය කරනු ලබන්නේ, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඵලදායී හා තිරසාර පියවර ගනිමින් සිටින බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහතික කළහොත් පමණි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශන, වැරදිකරුවන්ගේ වගවීම, මහජන චීන සමූහාණ්ඩුවේ බලපෑමට එරෙහිව ස්වෛරීභාවය සහතික කිරීම සහ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වැනි කොන්දේසිවලට යටත්ව අරමුදල් සපයනු ඇතැයි එක්සත් ජනපද යෝජනාවෙහි සඳහන් වේ.

ඒ අතරම, අතුරුදහන් වූවන් සොයා ගැනීම සහ හඳුනා ගැනීම සහ වධහිංසා හා කම්පනයන්ට ගොදුරු වූවන්ට සහාය වීම මෙන්ම ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණුව සඳහා කොන්දේසි සහිතව ශ්‍රී ලංකාවට මුදල් යෙදවීමට එක්සත් ජනපද යෝජනාවෙහි ඇතුළත් කර ඇත.

-ibctamil

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *