Type to search

බංග්ලාදේශය රෝහින්ග්‍යා සරණාගතයින් ජනශූන්‍ය දූපතකට ගෙන යයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ගෙන් 1700 කට වැඩි පිරිසක දෙවන කණ්ඩායමක්, භාසන් චාර් නම් ජන ශූන්‍ය පහත් බිම් සහිත දූපතකට ගෙන යාමට බංග්ලාදේශ රජය විසින් ආරම්භ කර තිබේ.

මෙම දූපත ගංවතුරට ගොදුරු වීමේ අවදානමක් ඇති අතර සරණාගතයින් බලෙන් ගෙනියන මෙම වැඩ පිළිවෙල ගැන කනස්සල්ලට පත්ව සිටින මානව හිමිකම් කණ්ඩායම්වල විරෝධය ද පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ මෙම නැවත ස්ථානගත කිරීමට තමන් සම්බන්ධ නැති නමුත් මීට වසර 20 කට පෙර මුහුදෙන් මතුවූ භාසන් චාර් දූපතට යාමට කිසිදු සරණාගතයෙකුට බල නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
චිතගොං නගරයේ සිට පැය 3 ක මුහුදු ගමනෙන් පසු හමුවන මෙම දූපතට නැව් 5කින් සරණාගතයින් රැගෙන යෑම ගැන අදහස් දක්වන නම හෙළි කිරීමට අකමැති රජයේ නිලධාරියෙකු පවසා සිටියේ, “සරණාගතයින් කැමැත්තෙන් තමයි එම දූපතට යවන්නේ. ඒ අයට බල කරන්නේ නෑ. එහේ ලක්ෂයකට ආසන්න පිරිසකට නවතින්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලුම පහසුකමක්ම එහේ තියෙනවා”.

මේ ගැන අදහස් දැක්වූ බංගලදේශ අමාත්‍ය උබයතුල් කාදර් පවසා සිටියේ මියන්මාර රජය රෝහින්ග්‍යානු සරණාගතයින් නැවත බාර ගැනීම ප්‍රමාද කරන බවත් කළ හැකි දෙයක් නොමැති නිසාත් මෙම සරණාගතයින් වෙනමම දූපතකට යන බවත් පවසා සිටියේය.

මියන්මාර රජය සමග බංගලදේශ රජය සාකච්ඡා කර මෙම සරණාගතයින් නැවත මියන්මාරයට යැවීමට උත්සාහ කළද මියන්මාර රජය ඔවුන් නැවත භාර ගැනීමට සූදානමක් නැති තත්වයක් උඩ මෙම රෝහින්ග්‍යානු සරණාගතයින් කිසිදු රටක් භාර නොගෙන රටක් නොමැත්තන් ලෙස සැරිසරති.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *