මුස්ලිම් මෘතදේහ මාලදිවයිනට යවන කථාව ලැජ්ජා සහගත බව සෙන්දිල් පවසයි

රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සී. කේ. සෙන්දිල්වෙල් මහතා

රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සී. කේ. සෙන්දිල්වෙල් මහතා

මුස්ලිම් ජනතාවගේ මෘත දේහ මාලදිවයිනට රැගෙන ගොස් භූමදානය කිරීම පිළිබඳව සාකච්ඡා කරන බව පැවසීම ලැජ්ජාවක් බව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සී. කේ. සෙන්දිල්වෙල් මහතා මාධ්‍ය වාර්තාවක සඳහන් කර සිටියේය.

තවදුරටත් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ,

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මැරෙණ තම මව්බිමෙහි පුරවැසියන් වන මුස්ලිම් ජනයාගේ මෘතදේහ ඔවුන්ගේ කැමැත්ත හා සම්ප්‍රදායට අනුව භූමදානය කිරීම ප්‍රතික්ෂේප කරන රජය මාලදිවයිනට ගෙන ගොස් භූමදානය කිරීම පිළිබඳව සාකච්ඡා කරන බව පැවසීම විලි ලැජ්ජා නැති කාර්යයක් බවයි.

මෙම ස්ථාවරය, මුස්ලිම් ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරන බහුතර වර්ගවාදයේ පීඩාව තවදුරටත් ගෙන යෑමේ උත්සාහයකි.
රටක මූලික අයිතිවාසිකම් සෑම පුරවැසියෙකුටම අයිති දෙයකි. ඒවා ආරක්ෂා කොට ක්‍රියාවට නැංවීම රජයේ වගකීමයි.

ඒ අනුව කොවිඩ් 19 නිසා මිය යන මුස්ලිම් අයගේ මරණ ඔවුන්ගේ ආගමික, සිරිත් විරිත් අනුව භූමදානය කිරීම ප්‍රතික්ෂේප කරමින් පදනම් විරහිත හේතු පවසමින් ආදාහනය කිරීම තරයේ හෙළා දැකිය යුත්තකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොවිඩ් මරණ භූමදානය කිරීමෙන් කිසිදු බලපෑමක් නොමැති බව පවසා ඇත. ලෝකයේ අනෙක් රටවල මෙවැනි මරණ භූමදානය කරති. නමුත් ගෝඨා – මහින්ද පාලනය වර්ගවාදී ලෙස මුස්ලිම් ජනයාගෙන් පලිගැනීම සිදු කරමින් සිටිති.

මෙලෙස බලහත්කාරයෙන් මරණ පුළුස්සා දැමීම ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය තරයේ හෙළාදකින්නෙමු. එමෙන්ම මෙයට විරුද්ධව මුස්ලිම් ජනයා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් ගෙන යන සුදු රෙදි පටි නිහඬ අරගලයට තම පක්ෂය සහයෝගය දක්වන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *