රතන හිමිට මන්ත්‍රී ධුරය දුන් එකඟතාව හෙළිවේ

අපේ ජන බල පක්ෂය

අපේ ජන බල පක්ෂය

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමට තීරණය කරනු ලැබුවේ කෙටි කලක් තුළදී උන්වහන්සේ ඉන් ඉවත් වී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එම ධුරය ලබාදීමේ එකඟතාව මත බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පවසනවා.

ඔහු සඳහන් කළේ රතන හිමියන් පාර්ලිමේන්තුවට යැවීමේ තීරණය පක්ෂයේ සියළු දෙනා එක්ව ගත් තීරණයක් නොවන අතර, එය ඥානසාර හිමියන් සහ රතන හිමියන් අතර ඇති වූ එකඟතාවක් බවයි.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ පක්ෂයේ වගකිව යුතු සියළු පාර්ශවයන් හි එකඟතාවයෙන් තමන් පාර්ලිමේන්තුවට නම් කළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *