“ලංකාවේ අවසන් යුද්ධයේදී දෙමළ ජනයා 40,000 ක් මිය ගියාද?” – සරත් ෆොන්සේකා පිළිතුරු දෙයි

සරත් ෆොන්සේකා

සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් අදියරේදී දෙමළ ජනයා 40,000 ක් ඝාතනය වූ බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිතුරු ලබා දී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම චෝදනා අසත්‍ය බවත් යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන් 5,000 ත් 6,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත්ය.

LTTEය විසින් පිහිටුවන ලද බංකර් වලට පළිහක් ලෙසට මහජනයා භාවිතා කර ඇති බවත් එවැනි තත්වයන් යටතේ සිවිල් වැසියන් මිය යන්නට ඇති බවත් ඔහු සඳහන් කළේය. එලෙස බංකරවලට පළිහක් ව තබා සිටි සිවිල් වැසියන් බේරා ගත් බව ද ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

ඒ අනුව, යුද්ධයේ අවසන් අදියරේදී දින දෙකක් තුළ ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් 270,000 ක් පමණ බේරාගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය. බේරාගත් අයගෙන් 50,000 ක් LTTE භාරයේ සිට බේරී වනාන්තරය හරහා පැමිණි අය බව ෆොන්සේකා පැවසීය. සෙසු ජනතාව යුද්ධ කර බේරා ගත් බව සරත් ෆොන්සේකා කියා සිටියේය.

මේ අතර, යුද්ධය අවසන් අදියරේදී LTTE සාමාජිකයින් 35,000 ක් සිටි බවත් ඔවුන්ගෙන් 23,000 ක් අප හමුදාව විසින් ඝාතනය කළ බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

LTTE ඉතිරි සාමාජිකයන් 12,000 දෙනා පණපිටින් අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමට පියවර ගත් බව ෆොන්සේකා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය යළිත් මතුවීමට ඉඩ දිය නොහැකි බව පැවසූ ෆොන්සේකා, ආරක්ෂක අංශ ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් ඉල්ලා සිටියේය.

LTTE හිටපු සාමාජිකයින් දෙදෙනෙකු ක්ලේමෝ බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සභාවට පෙන්වා දුන් අතර LTTEයේ සෙවනැලි අදටත් ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත. එනිසා රටේ ආරක්ෂක අංශය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොතිබුණද, හමුදා පද්ධතිය ශක්තිමත් කළ යුතු බව සරත් ෆොන්සේකා අවධාරනය කළේය. රටක හමුදා ව්‍යුහය ඉතා ශක්තිමත් නම් එය එම රටට අභිමානවත් දෙයක් බව ද ඔහු පැවසීය.

යුද්ධය අවසන් වූ දා සිට හමුදාව ප්‍රතිසංවිධානය කර නොමැති බවත්, හමුදාව තවමත් 1955 දී සාදන ලද යුද ටැංකි භාවිතා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු හමුදාපති ලෙස සේවය කළ කාලය තුළ යුද ටැංකි 80 ක් තිබුණද, ඉන් 50 ක් යුද්ධයෙන් හානි වී ඇති අතර අද ඉතිරිව ඇත්තේ එයින් 30 ක් පමණි.

LTTE සංවිධානය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇත. වීරයන්ගේ දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රභාකරන්ගේ ඡායාරූප බැනරයක් තබා තිබුණු බවත් එය එම රටේ ආරක්ෂක අංශයෙන් ඉවත් කළ බවත් ඔහු පැවසුවේය.

“ශ්‍රී ලංකාවේ JVP කෝලාහල LTTE අරගලය හා සම්බන්ධ කිරීම වැරදිය. LTTE රට බෙදී වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළා. JVP සටන් කළේ රට බෙදීමට නෙවෙයි” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

-BBC news

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *