කොරෝනා බෝ කරන්න සගයන් වැළඳගත් බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්!

බන්ධනාගාර නියාමක

බන්ධනාගාර නියාමක

“අනෙකුත් අයට කොරෝනා බෝ කළා වගේ ඔබලාටත් කොරෝනා බෝ කළ යුතුයි” යනුවෙන් පවසමින් ප්‍රධාන ගේට්ටුවේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයා එම අවස්ථාවේ එහි සිටි අනෙකුත් නියාමකවරු වැළඳගත් බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

වටරැක බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු මෙසේ වැඩ තහනමට ලක් කර ඇති බව ඔහු පැවසුවේය.

මහර බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමෙන් පසු විශේෂ රාජකාරී සඳහා වටරැක බන්ධනාගාරයේ නියාමකවරු මහර බන්ධනාගාරයට යැවූ පසු ඔහු දින කිහිපයක් මහර බන්ධනාගාරයේ රාජකාරී කිරීමෙන් පසු නැවත වටරැක බන්ධනාගාරයට වාර්තා කර ඇත.

ඉන්පසු ප්‍රධාන ගේට්ටුවේ විශේෂ රාජකාරී සඳහා යැවූ අය දින 14ක් ස්වයං නිරෝධායනයේ සිටිය යුතු බව නියෝග කළ පසු අදාළ බන්ධනාගාර නියාමකවරයා මේ ආකාරයෙන් හැසිරී ඇති බව දැනගන්නට ලැබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *