පාසල් පෙළපොත් මුද්‍රණය කිරිම සඳහා කෝටි 320ක්

පාසල් පෙළපොත්

පාසල් පෙළපොත්

ලබන වසර සඳහා සිසු පෙළ පොත් වර්ග 400 ක් මුද්‍රණය කිරිම සඳහා රුපියල් කෝටි 320ක් රජය වැය කළ බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පි.එන් අයිලප්පෙරුම පවසයි.

ලබන වසර සඳහා පෙළ පොත් පිටපත් 3,94,31,500 ක් මුද්‍රණය වූ අතර මේ ප්‍රමාණයෙන් 90% ක පමණ වැඩ අවසන් වී එම පොත් ගබඩාවට ලැබී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පෙළ පොත් බෙදා හැරීමේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 1,175 ක් ඇති අතර මේ වන විට පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවෙන් එම මධ්‍යස්ථානවලට 79% කට යවා අවසන් බව ඔහු පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙවර පෙළ පොත් පිටපත් 35% ක්ම මුද්‍රණය සඳහා ලබා දී ඇත්තේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවටය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *