හිස්බුල්ලා කණ්ඩායම තාමත් ආයුද සන්නද්ධයි…

හිස්බුල්ලාටගේ 'හීරා පදනම' නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කර නෑ, ලියාපදිංචියේදී බලපෑම් කරලා

හිස්බුල්ලාටගේ 'හීරා පදනම' නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කර නෑ, ලියාපදිංචියේදී බලපෑම් කරලා

වත්මන් රජය සමග දේශපාලන අවබෝධයකින් ක්‍රියාකරන එම්.එ.එල් හිස්බුල්ලා මහතාට සම්බන්ධ ආයුද සන්නද්ධ කණ්ඩායම් තවමත් අවි දරමින් සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී පෙරේදා(24) අනාවරණය විය.

නැගෙනහිර ප්‍රදේශය භාරව සිට විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා මෙම තොරතුරු අනාවරණය කර තිබේ. එම සන්නද්ද කණ්ඩායම 2009ට පෙර සිට දරනණ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙළිකරණු ලැබීය.

එම සන්නද්ධ කන්ඩායමේ රවුම්තුල්ලා සරුක්, රහීම් මව්ලවි, සමිල් ජිබ්රි, සෆියාර් රිස්වි, රෆික් අබ්බර්, යාකුබ් සිද්ධික් අතුළු 17 දෙනෙකු පමණ සිටින බවද ඔවුන් සතුව ටී.56 ගිණිඅවි 13ක් සහ ජීව අත්බෝම්බ 04ක් තිබුණු බවද මෙහිදී අනාවරණය කර තිබිණි. එමෙන්ම 2009 සිට නැගෙනහිර පළාතේ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් 18ක් ජිහාඩ් අන්තවාදයට සම්බන්ධව සිටි බව වැඩිදුරටත් හෙළිකර තිබේ.

2009 ජූලි මස 04වෙනිදාට පෙර ආයුධ භාර දෙන ලෙස හිස්බුල්ලා මහතාට නිල වශයෙන් දැනුම්දුන්නද එය සිදුකර නැති බව කොමිසම ඉදිරියේ පවසා ඇත.
-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *