Type to search

රජය පළාතෙන් පළාතට වෙනස් නීති පනවනවා! මනෝ ගනේෂන් කෝපාවිෂ්ට වෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ 1971 දී ජීවිත පිදූ අයවළුන් මෙන්ම 1989 දී ද ජීවිත අහිමිවූවන් JVPය විසින් දකුණේ සිහිපත් කරන අතර, උතුරු හා නැගෙනහිර ජීවිත පිදූ දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම ගෝඨාභය රජය විසින් තහනම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර තිබේ.

පළාතෙන් පළාතට වෙනස් නීති පනවන මෙම රජය, “එක රටක්, එක නීතියක්” යැයි කීම විහිළුවක් බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සිංහල රූපවාහිනී නාලිකාවක් සඳහා ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවේදී,

නිවේදක : ඔබ මෑතකදී දෙමළ මාධ්‍යයට ”එක් රටක්, එක් නීතියක්” හාස්‍යජනක දෙයක් බව පවසලා තියෙනවා. එනම්, ආයුධ අතට ගත්තවුන් සිහිපත් කිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීමක් සේ පෙනෙනවා. මේ කතාවේ තේරුම ?

මනෝ ගනේෂන්: – මම මේ අදහස මගේ ට්විටර් සහ ෆේස්බුක් හරහා සටහන් කර තිබුණා. එය දෙමළ හා සිංහල මාධ්‍යවල ද පළ කර තිබුණා. මම කියන්න උත්සාහ කරන්නේ මෙයයි,
එනම්, මේ රටේ යුද්ධයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ ප්‍රශ්නය මතුවෙන්නේ උතුර සහ දකුණ අතරෙන්. මෙය අලුත් ප්‍රශ්නයක් නොවේ.

බලන්න, ඊනියා ත්‍රස්තවාදීන් කවුද? ත‍්‍රස්තවාදීන් යනු තේරී පත් වූ රජයකට එරෙහිව සන්නද්ධ අරගල කරන අය කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. අප දකින පරිදි, 1971 සහ 1989 දී සන්නද්ධ JVP භටයන් ත්‍රස්තවාදීන් ය. දමිළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ද ත්‍රස්තවාදීන් ය.
අද ඇමතිකම් දරණ ඩග්ලස් දේවානන්දගේ EPDP රෙලෝ සහ PLOT ද ත්‍රස්ත සංවිධාන ලෙස ක්‍රියා කරලා තියෙනවා.
නමුත් දැන් තියෙන ප්‍රශ්නය, JVP ය අද තහනම් ව්‍යාපාරයක් නොවේ. එහි තහනම දැන් ඉවත් කරලා තියෙනවා.

නමුත් LTTEයට තවමත් බාධකයක් තියෙනවා. එබැවින්, දෙමළ ඊලම් විමුක්ති කොටි (LTTE) සටන්කාමීන් වේවා , සිවිල් වැසියන් වේවා, ඔවුන් LTTE නාමයෙන් සැමරීම නීති විරෝධී කියලා රජය නැතහොත් දකුණේ කවුරුන් හෝ වේවා කියන්නේ නම් මම එයට එකඟයි .

නමුත් මේක හේතුවක් කරගෙන මළවුන් සිහි කිරීම නැවැත්වීම අසාධාරණ, වැරදි සහ අමානුෂික ක්‍රියාවක් යැයි මම සිතමි.

නිවේදක: නමුත් ජනප්‍රිය රටවල, එනම් යුද්ධ සිදුවෙමින් පවතින රටවල, උදාහරණයක් ලෙස තලේබාන් ව්‍යාපාර සිහිපත් කිරීමට ඉඩ දෙන්නේ නෑනේද?

මනෝ ගනේෂන්: (වහාම බාධා කරමින්) එසේ නම් දකුණේ JVP සිහිපත් කරන්නේකොහොමද ?

නිවේදක: ජේවීපී සිහිපත් කිරීමට අවසර තිබේද?

මනෝ ගනේෂන්: ඔවුන් වාර්ෂිකව සිහපත් කරනවා. ඇයි නැත්තේ? ඔබ දන්නේ නැද්ද? JVP අනුස්මරණය කරන්නේ 1971 දී මියගිය අය අප්‍රේල් මාසයේ ‘විරු දිනය’ ලෙසත් 1989 දී මියගිය අය නොවැම්බර් මාසයේ ‘ඉල් මහ සැමරුම’ කියලත්.

නිවේදක: – ඔව්. ඔව්. JVP ය විරුවන් සිහිපත් කරනවා.

මනෝ ගනේෂන්: ඔවුන් රටේ ප්‍රසිද්ධියේ කොළඹ අගනුවර, වේදිකා සකස් කරලා, පෝස්ටර් ගහලා, රෝහන විජයවීර සහ උපතිස්ස ගම යන අය සිහිපත් කරනවා.

නිවේදක: ඔබ LTTE නායක ප්‍රභාකරන් වත් ඒ තත්වයේ තියනවද?

මනෝ ගනේෂන්: මම JVP අවි ප්‍රතිපත්තිය පිළිගන්නේ නැහැ. ආයුධයක් රැගෙන යාමෙන් මේ රටේ ගැටලු කවදාවත් විසඳා ගත හැකි යැයි මම නොසිතමි.

සාකච්ඡා කිරීම හැර වෙනත් ක්‍රමයක් නැත. එසේනම් JVP සන්නද්ධ ප්‍රතිපත්තිය මා පිළිගන්නේ කොහොමද?

වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ආයුධ ප්‍රතිපත්තිය මා පිළිගන්නේ කෙසේද? කළ නොහැකි!

සන්නද්ධ අරගලයක් ඒපා! රණ්ඩු වෙන්න එපා! ගහලා මරන්න එපා! මරන්න එපා! මම එය පිළිගන්නේ නැතත්, මළවුන්ට සිහිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.

නමුත්, එය අපට නොවේ. එය JVPයට ලබා දී ඇත. එක් දෙයක් ස්ථිරයි, JVP තහනම දැන් ඉවත් කර ඇත. එහෙත්, සමහරුන්ට, JVP කාරයෝ ත‍්‍රස්තවාදීන් නොවේ, ඔවුන් කැරලිකරුවන් ය. LTTEය ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට උත්සාහ කරයි. මම එය පිළිගන්නේ නැත.

ඔවුන් මෙය පවසන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ය. මම එය පිළිගන්නේ නැහැ. එහි වෙනස්කම් පෙන්වීමක් තියෙනවා.

නිවේදක: එහෙනම් දෙපාර්ශවයේම ඉලක්කය එකයි ද?

මනෝ ගනේෂන්: එකයි! එකයි! සන්නද්ධ අරගලය යනු බලය ලබා ගැනීමයි.

LTTE අරමුණ උතුරු හා නැගෙනහිර තවත් රටක් නිර්මාණය කිරීම කියලා කියනවා. 1971 සහ 1989 දී JVP දකුණේ සමහර ප්‍රදේශ අත්පත් කර ගත්තා . ඔබ දන්නවා ඇති.

ඔවුන් එම ප්‍රදේශය පාලනය කළා. ඔවුන් එම ගම්මානවල උසාවි පැවැත්වුවා. ඔබ දන්නවා නේද? දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සහ දෙමළ සංවිධාන උතුරු හා නැගෙනහිර පමණක් අත්පත් කර ගැනීමට උත්සාහ කළා. නමුත් JVP මුළු රටම අල්ලා ගැනීමට උත්සාහ කළා. විමුක්ති කොටින්ගේ දෙමළ ඊලාම් (LTTE) සහ අනෙකුත් සන්නද්ධ දෙමළ සංවිධාන සහ JVP අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා.

මම ඒක නෑ කියලා කියන්නේ නෑ . එහෙත්, ඒ නිසා දෙමළ සංවිධාන ත්‍රස්තවාදීන් ය. JVP කාරයෝ ගෞතම බුදුන් යැයි කීමට ගත් උත්සාහය මම කිසි විටෙකත් පිළිගන්නේ නැත. හැමෝම ආයුධ අරගෙන සටන් කළා.

මගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය මම ආරම්භ කරන්නේ එතැනින්. මම සන්නන්ධ සංවිධානවල ගමන් මග පිළිගන්නේ නැති අතර එය නිවැරදි යැයි මම නොකියමි.

එහෙත්, ඔවුන්ගේ ජීවිත අහිමි වුනා. ඉතින් ඔවුන්ගේ මවට, පියාට, භාර්යාවන්ට. දරුවන්ට තම දරුවන්, ස්වාමිපුරුෂයන්, වැඩිහිටියන්ට ඥාාතීන්ට සිහිපත් කිරීමට ඉඩ දිය යුතුය.

මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට ඇති අයිතිය මෙයයි. එබැවින් LTTEය තහනම් ව්‍යාපාරයක් බැවින් එම තහනම එක් දිනක් ඉවත් කළ හැකිය.

එතෙක් මනෝ ගනේධන් පවසා ඇත්තේ සංවිධානයේ නම සඳහන් නොකර හෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන කතා නොකර මියගිය අය සිහිපත් කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතු බවයි.

-තමිළ්වින්

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *