(VIDEO) පෑඩ් කතාවකින් පාර්ලිමේන්තුව උණුසුම්: රෝහිණී-ඩයනා-ගීතා ගැටෙයි, අමාත්‍ය නාමලුත් පැටලෙයි

පෑඩ් කතාවකින් පාර්ලිමේන්තුව උණුසුම්: රෝහිණී-ඩයනා-ගීතා ගැටෙයි, අමාත්‍ය නාමලුත් පැටලෙයි

පෑඩ් කතාවකින් පාර්ලිමේන්තුව උණුසුම්: රෝහිණී-ඩයනා-ගීතා ගැටෙයි, අමාත්‍ය නාමලුත් පැටලෙයි

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා යෝජිත සීයයට 15ක බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කාන්තා මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ රෝහිණි කවිරත්න රජයෙන් අද ඉල්ලා සිටියහ.

මෙරට ජනගහණයෙන් සීයයට 52ක් කාන්තාවන් බවත්, මෙලෙස සනීපාරක්ෂක තුවා සඳහා බදු ගැසීම සුදුසු නොවන බවත් මන්ත්‍රීවරියන් දෙදෙනා සඳහන් කර සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කර සිටියේ කාන්තාවන්ට සහ පාසැල් යන ළමුන්ට වඩාත් වැදගත් තමන්ගේ ආරක්ෂාව බවත්, වත්මන් රජය මේ වන විට එය සාර්ථකව ඉටුකර ඇති බවත්ය.

https://youtu.be/uJWaXQh66Tg

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා සීයයට 15ක බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් තමන්ද කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව සදහන් කොට ඇත.

“කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් අප දේශීය නිෂ්පාදනය වැඩි කරන තෙක් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය සඳහා වන සියලුම බදු නිදහස් කළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සනාථ කරන පරිදි සනීපාරක්ෂක තුවාවල මිලෙහි වෙනසක් සිදුවී නොමැත.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *