රජය දෙමළ ජනයා මර්දනය කිරීම නැවැත්විය යුතුය: සෙල්වම් අඩෛක්කලනාදන්

රජය දෙමළ ජනයා මර්දනය කිරීම නැවැත්විය යුතුය: සෙල්වම් අඩෛක්කලනාදන්

රජය දෙමළ ජනයා මර්දනය කිරීම නැවැත්විය යුතුය: සෙල්වම් අඩෛක්කලනාදන්

“එක්සත් ශ්‍රී ලංකාව තුළම විසඳුමක් අපේක්ෂා කරන්නෙමු. ඒ අනුවම ජීවත් වීමට අපි උත්සාහයක් දරමින් සිටින්නෙමු. නමුත් මර්දන ක්‍රම මගින් දිගටම මර්දනය කරන විට එය බිඳ දැමීමේ අවස්ථාව අපට වළක්වා ගත නොහැකිය” බව TNA සාමාජික සෙල්වම් අඩෛක්කලනාදන් මහතා, 2020 අයවැය දෙවන වර කියවීම පිළිබඳ විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

යුද්ධය අවසන්ව ඇති අවස්ථාවක, මියගිය අයවළුන් සිහිපත් කිරීම බාධා සහිත දැඩි දුෂ්කරතාවයක් රටේ ඇත. JVPය බලන්න, ඔවුන් අරගලයේ නියුක්ත ව්‍යාපාරයක්. ඔවුන් සන්නද්ධ අරගලය අතහැර දේශපාලන ප්‍රධාන ධාරාවට යොමු වෙලා තියෙනවා. ඔවුන්ගේ අරගලයෙන් ජීවිත අහිමි වූ අය ඔවුන් සිහිපත් කරනවා. නමුත්, දෙමළ ජනතාව කෙරෙහි වූ හිංසා පීඩා දිගටම තියෙනවා.

සන්නද්ධ අරගලය අවසන් වූ පසු ජීවිත අහිමි වූ අය සිහිපත් කිරීමට රජය බාධා කරන්නේ ඇයි කියලා අහන්න කැමැතියි. ඒ කාලයේ ආයුධ අතට ගැනීමට අපේ තරුණ තරුණියන් පෙලඹවූයේ මර්දනය හා සීමා කිරීම් නිසා. කිසිදු අපේක්ෂාවකින් තොරව තම ප්‍රජාව වෙනුවෙන් සටන් කොට තම ජීවිත පරිත්‍යාග කළ සටන්කාමීන් මෙම සභාවේදී මම සිහිපත් කරන්නේ ආඩම්බරයෙනි.

උතුරු නැගෙනහිර ධීවර හා කෘෂිකර්මාන්තය ජනතාවගේ ජීවනෝපායන්. කෘෂිකර්මාන්තය ගත්තොත්, මෙම අයවැයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා බදු සහන ලබා දෙන බව පැවසුවද, දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් රාජසන්තක කරන එක තමයි දකින්නට තියෙන්නේ.

කෘෂිකාර්මික නිෂ්පාදන බදු රහිත කිරීමට අවශ්‍ය නම් අපේ ජනතාවට ගොවිතැන් කිරීමට ඉඩම් අවශ්‍යයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒවා සන්තක කරගෙන. පශු සම්පත් ද ගොවීන්ට ප්‍රධානයි. නමුත් ගවයන්ට උලා කන්න තණ බිම් ප්‍රධාන ගැටළුවක්ව පවතිනවා. ගවයන් තණ උලා කන්න අවස්ථා සපයා නැහැ.

එවැනි තත්වයක් පවතින විට කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිදියුණු වනු ඇතැයි පැවසීම සාධාරණ වන්නේ කොහොමද? සන්නද්ධ අරගලය ආරම්භ වූයේ ඉඩම් රාජසන්තක කරන විටයි. මෙම තත්වය නැවත ඇතිවීමට රජය ඉඩ නොදිය යුතුය. ගොවීන්ගේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කළ යුතුයි.

උතුරු හා නැගෙනහිර සියලුම ගොවීන් ණයවෙලා. ඔවුන් හරිම දුප්පත්. වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට රජය පියවර ගත යුතු බවද ඔහු මෙහිදී පවසා සිටියේය.
– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *