මිනිත්තු 20න් කොරෝනා ආසාදිතයින් සෙවිය හැකි ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මෙරටදීත් ඇරඹේ

ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්‍ෂාවට

ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්‍ෂාවට

යම් කිසි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මිනිත්තු 20ක් තුළ දැන ගත හැකි ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (රසායනාගාර සේවා) වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ මෙම පරීක්ෂණ ක්‍රමවේදය මගින් PCR පරීක්ෂණයක් මගින් ආසාදිතයින් හඳුනා ගැනීමට වඩා ඉක්මනින් රෝගීන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් ඉදිරියේදී අහඹු පරීක්ෂණ සිදුකිරිමට හැකියාව ලැබෙන බැවින් එය වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට හැකියාව ලැබෙන බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ කට්ටල ලක්ෂ 02ක් දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බවත් ලබන සතියේදී එවැනි උපකරණ කට්ටල ලක්ෂ 08ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂක (රසායනාගාර සේවා) වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.

පළමුව ගෙන්වනු ලබන මෙම උපකරණ කට්ටල මගින් ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධනය මණ්ඩලයේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ලක්ෂ 08ක සේවක සේවිකාවන් ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකිරිමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *