රජයේ හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනමට

0

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ඇතුළුව හෙද විදුහල් 17ක් පවතින අතර, 2026 මාර්තු 31 වන විට I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරුවල පුරප්පාඩු 142ක් පවතින බව සඳහන් වේ. තවත් නිලධාරීන් 24 දෙනෙකු විශේෂ ශ්‍රේණියට උසස්වීමට නියමිත බැවින් පුරප්පාඩු සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ යාමට නියමිතය.
එම පුරප්පාඩු විධිමත් ලෙස සම්පූර්ණ කරන තෙක්, රජයේ හෙද විදුහල්වල සේවය කර විශ්‍රාම ලැබූ හෙද ආචාර්යවරුන් සහ ත්‍රිවිධ හමුදා හෙද විදුහල්වල සේවය කර විශ්‍රාම ලැබූ හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *