හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානි කරගනියි

0

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසීය.

මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි ඒ මහතා 2014 වසරේ දී නගරාධිපති ධුරයට පත්වූ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *