අවුරුදු දෙකකට කොරෝනා වෛරසයත් සමගම මිනිසුන්ට ජීවත් වන්නට සිදුවේවි – සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක

අවුරුදු දෙකකට කොරෝනා වෛරසයත් සමගම මිනිසුන්ට ජීවත් වන්නට සිදුවේවි - සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක

අවුරුදු දෙකකට කොරෝනා වෛරසයත් සමගම මිනිසුන්ට ජීවත් වන්නට සිදුවේවි - සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක

මහජනතාවට තවත් අවුරුදු දෙකකට කොරෝනා වෛරසයත් සමගම ජීවත් වන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා සිටි අතර කොවිඩ් 19 සමඟ ජීවත් වීමට හුරු ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දෙවන රැල්ලේදී කොරෝනා වෛරසයට විසඳුමක් සොයාගත නොහැකි වුවහොත් තුන්වන රැල්ලක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

ජනවාරි මාසයේදී තුන්වන රැල්ලක් ඇතිවිය හැකි බවත් එය මීට වඩා භයානක විය හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

එබැවින් සනීපාරක්ෂක නීති රීති අනුගමනය කරමින් වෛරසය පාලනය කිරීම වැදගත් බවත් ඔහු පවසා සිටියේය. ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ටද කොරෝනා වෛරසය සමඟ ජීවත් වීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

සමහර රටවල කොරෝනා වෛරසය පැවතියද එම රටවල් අඛණ්ඩව ඉදිරියට යන බව සඳහන් කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය හා අධ්‍යාපනය වැනි දෑ අතපසු කර ඇති බවත් මෙම පරතරය පිරවිය යුතු බවත් අවධාරණය කළේය. ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම හැර වෙනත් මායාවක් නොමැති බව ඔහු පැවසීය.

-තිනක්කුරළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *