LTTE නායකයාගේ ජීවන වෘතාන්තය – පෝස්ටර් නිකුත් කෙරේ

එල්ටීටීඊ නායකයාගේ ජීවන වෘතාන්තය - පෝස්ටර් නිකුත් කෙරේ

එල්ටීටීඊ නායකයාගේ ජීවන වෘතාන්තය - පෝස්ටර් නිකුත් කෙරේ

LTTE නායක ප්‍රභාකරන්ගේ ජීවිත කථාව පිළිඹිබු කරන “සීරුම් පුලි” චිත්‍රපටයේ රූගත කිරීම් නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිත බව චිත්‍රපට ක‍ාර්ය මණ්ඩලය පවසයි.

2009 දී LTTE සහ ශ්‍රී ලංකා හමුදාව අතර පැවති අවසන් යුද්ධයේදී LTTE නායකයන් හමුදාව විසින් ඝාතනය කර යුද්ධය නිමාකරන ලදී.

ඊළාම් ද්‍රවිඩ ජනයාගේ විමුක්තිය උදෙසා සටන් කළ LTTE නායක ප්‍රභාකරන් තවමත් ඔවුන්ගේ නායකයා ලෙස බොහෝ දෙනා සමරති. මෙම තත්වය තුළ ප්‍රභාකරන්ගේ ජීවන වෘතාන්තය පිළිඹිබු කරන “සීරුම් පුලි” චිත්‍රපටය නිෂිපාදනය කරනු ලැබේ.

නළු බොබී සිම්හා මෙම චිත්‍රපටයේ ප්‍රභාකරන් ලෙස රංගනයෙන් දායක වන අතර, බාලු මහේන්ද්‍රාගේ සහායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජනප්‍රිය දෙමළ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ජී.වෙන්කටේෂ් කුමාර් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි.

තවද ඔහු මෙම චිත්‍රපටය කොටස් දෙකක් ලෙස අධ්‍යක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව දැනගන්නට ලැබේ. මෙම චිත්‍රපටය ස්ටූඩියෝ 18 ආයතනය නිෂ්පාදනය කරයි.

-JVPNEWS.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *