අසනීප වූ විට ‘සමාජ දුරස්ථභාවය තබා ගන්නා’ වැම්පයර් වවුලන්

අසනීප වූ විට 'සමාජ දුරස්ථභාවය තබා ගන්නා' වැම්පයර් වවුලන්

අසනීප වූ විට 'සමාජ දුරස්ථභාවය තබා ගන්නා' වැම්පයර් වවුලන්

සමීප සමාජීය සබඳතා පවත්වන ලේ උරා බොන (වැම්පයර්) කැලෑ වවුලන් ආහාර බෙදාගෙන කන සත්ත්ව විශේෂයකි

සමීප සමාජීය සබඳතා පවත්වන ලේ උරා බොන (වැම්පයර්) කැලෑ වවුලන් ආහාර බෙදාගෙන කන සත්ත්ව විශේෂයකි
සමීප සමාජීය සබඳතා පවත්වන ලේ උරා බොන (වැම්පයර්) කැලෑ වවුලන් ආහාර බෙදාගෙන කන සත්ත්ව විශේෂයකි

කොරෝනා වෛරස් වසංගතය හමුවේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ඒ පිළිබඳ වගකීම් සහගතව කටයුතු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් කොතෙකුත් සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබුණ ද මිනිසුන් වන අප විසින් ඒවා කඩකරනු ලබන අවස්ථා දුලභ නොවේ. මේ එවැනි අවස්ථාවල මිනිසුන්ට සත්ත්ව ලෝකය කියා දෙන අපූරු පාඩමක් පිළිබඳ කෙටි විමසුමකි.

රෝගී වූ විටක වවුලන් සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සිය රැහේ සෙසු සාමාජිකයන් සමීපයේ ගත කරන කාලය අඩු කර, සීමිත සගයන් පිරිසක් සමග සබඳතා පවත්වන බව නවතම අධ්‍යයනයකින් පෙනෙන්නට තිබේ.

ඉහත කී හැසිරීම පරීක්ෂණාගාර තුළ දී මීට පෙර නිරීක්ෂණය කර තිබුණ ද මධ්‍යම ඇමරිකාවේ බෙලීස් හි ‘ලේ උරා බොන’ (වැම්පයර්) කැලෑ වවුලන් තුළත් එම හැසිරීම දක්නට ඇති බව විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත.

එක්සත් ජනපදයේ ‘ඔහායෝ ස්ටේට් යුනිවර්සිටි’ හි විද්‍යාඥයන් සිය අධ්‍යයන වාර්තාව ‘Behavioural Ecology’ සඟරාවේ පළ කරනු ලැබ තිබේ.

ගස් බෙනයක් තුළ වෙසෙන කැලෑ වවුලන් කණ්ඩායමක් තෝරා ගෙන ඇති විද්‍යාඥ කණ්ඩායම විසින් ඔවුන් එකිනෙකා සමාජ සබඳතා පවත්වන ආකාරය සොයා ගැනීම සඳහා ගස් බෙනය තුළ එකිනෙක සමීපයෙන් කුඩා සංවේදක (Sensors) සවි කරනු ලැබ ඇත.

අධ්‍යයනයේ කොටසක් වශයෙන් පර්යේෂකයෝ වවුලන් 16 දෙනෙකුට ‘Lipopolysaccharide’ ද්‍රාවනය එන්නත් කළහ. වවුලන්ගේ ප්‍රතිශක්ති පද්ධති ඔවුන් රෝගී වී ඇතැයි සිතා ඊට තාවකාලික ප්‍රතිචාරයක් දැක්වීම එමගින් සිදු වේ. එහිදී වවුලන්ගේ හැසිරීමේ වෙනසක් සිදු වේදැයි යන්න නිරීක්ෂණය කිරීම පර්යේෂකයන්ගේ අරමුණ විය.

ගස් බෙනයේ සිටි මුළු වවුලන් සංඛ්‍යාව 31 කි. සෙසු වවුලන් 15 දෙනාට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධති වෙත බලපෑමක් නොවන ‘සේලයින්’ එන්නත් කරනු ලැබිණි.

සිය පර්යේෂණය අතරතුර කිසිඳු වවුලෙකුට හානියක් සිදු නොවුණු බවත් පර්යේෂකයෝ සිහිපත් කරති.

කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන මහාචාර්ය මලික් පීරිස් අදහස් පළ කරයි

කොරෝනාවෛරසය: වවුල් සුප්, කුමන්ත්‍රණ න්‍යාය, ජීව විද්‍යාත්මක අවි සහ ‘ෆේක් නිව්ස්’

සමාජ සබඳතා අඩු කිරීම

කණ්ඩායමේ නිරෝගී වවුලන්ට වඩා, ප්‍රතිශක්ති පද්ධතිය ආසාදනයක් සමග සටන් කිරීමේ ප්‍රයෝගයට හසු කරන ලද ‘රෝගී’ වවුලන් ආශ්‍රය කරන පිරිස සිව් දෙනෙකු තරම් කුඩා සංඛ්‍යාවකට සීමා වන බව විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ.

සෙසු වවුලන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටි ‘රෝගී’ වවුලන් අඩුවෙන් එහෙමෙහෙ ගොස් ඇති අතර සෙසු වවුලන්ට වඩා ඔවුන් නිදිබර ගතියක් පෙන්වා ඇත.

එන්නත් ලබා දී පැය හයකට පසු, නිදන විට හෝ කෑම සොයා යන අවස්ථාව වන විට ඉහත කී හැසිරීම් රටාව ක්‍රමයෙන් හීන විය. පැය 48 කට පසු එන්නතේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති අතර ‘රෝගී’ වවුලන් නැවතත් සමාජ ආශ්‍රයට පැමිණ තිබේ.

ලේ උරා බීමෙන් පමණක් දිවි රැක ගන්නා එකම ක්ෂීරපායි සත්ත්ව විශේෂය 'වැම්පයර්' වවුලන්ය
ලේ උරා බීමෙන් පමණක් දිවි රැක ගන්නා එකම ක්ෂීරපායි සත්ත්ව විශේෂය ‘වැම්පයර්’ වවුලන්ය

ලේ උරා බීමෙන් පමණක් දිවි රැක ගන්නා එකම ක්ෂීරපායි සත්ත්ව විශේෂය ‘වැම්පයර්’ වවුලන්ය

වවුලන්ට අසනීප බවක් දැනුණු විට ඔවුන් ඔස්සේ වනය තුළ සැබෑ වෛරසයක් පැතිර යාමට ඇති හැකියාව අඩුය. ඔවුන් අසනීපයක් නොමැති වවුලන් සමග අඩුවෙන් කාලය ගත කිරීම ඊට හේතුවයි.

ඉහත කී තත්ත්වය’උදාසීන සමාජ දුරස්ථභාවයක්’ ලෙස හඳුන්වන අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතෘ සයිමන් රිපර්ගර්, අප සිතනවාට වඩා මෙම තත්ත්වය සත්ත්ව ලෝකයේ පුළුල් වශයෙන් පැවතිය හැකි බවට විශ්වාසය පළ කරයි.

ඇඳට වැටීම

“රැය දවාල පුරා , ගස් බෙනයක අඳුරේ සැඟව සිටින විටදී පවා පැයෙන් පැය, ඇතැම් අවස්ථාවල මිනිත්තුවෙන් මිනිත්තුව මේ වවුලන්ගේ සමාජීය හැසිරීම වෙනස්වන ආකාරය ගැන අපූරු ආකරයේ අලුත් විවරයක් මේ සංවේදක (Sensors) අපට ලබා දුන්නා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

‘උදාසීන සමාජ දුරස්ථභාවය’, මිනිසුන් අතින් ගත් විට තමාට අසනීප බවක් දැනෙන විට සමාජයේ ගැවසෙනවාට වඩා ඇඳට වී සිටීමට අවශ්‍ය වීම හා සමානය.

ඉහත කී හැසිරීම සත්ත්ව කණ්ඩායමක පොදු සෞඛ්‍යට ප්‍රයෝජනවත්ය. මක්නිසාද යත් එමගින් රෝගයක් පැතිර යාමට ඇති හැකියාව අවම කෙරෙන බැවිනි.

-BBC NEWS

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *