ජනපති ගෝඨාභය මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාල​නඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ භාවිතා කල Mercedes Benz Maybach රථයක් බවයි.

සමාජ මධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

ජනාධිපතිතුමා බෙන්ස් රථයකන් බසින සේයාරුවකට “නය ගෙවා ගන්න බැරුව අසාදු ලේඛණයට වැටුණා..සත 5 ක් ආදායමක් නැති අපි වගේ රටක සරල ජනපතිතුමාට 2020 Mercedes Benz Maybach රථයක් ලැබිලා. සතුට වචන වලට පෙරලගනන්න අමාරුයි. කෝටි නම් 15 යි” යනුවෙන් වදන් කරමින් “අලුත් පාර්ලිමේන්තුව” නම් ෆේස්බුක් පිටුවක් පහත පරිදි සටහනක් පළකර තිබුනා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

Link Archived

එම තේමාවෙන්ම පළවූ තවත් සටහනක් මෙසේය

Facebook Archived Link

තවත් සටහනක් පහතින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

Link Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් විමර්ශනය කිරීම සඳහා මුලින්ම මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූපය පිළිබඳ සොයා බැලීමක් සිදුකළා. එහිදී මීට දින කිහිපයකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ඔස්සේ “අද(22) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කාර්‍යයාලය වෙත පැමිණි අවස්ථාව…” යනුවෙන් එම ඡායාරූපය පළ වී තිබෙනු දැකගන්නට ලැබුණි.

Facebook | Archived

මෙම ඡායාරූපය යොදා ගනිමින් පළවූ ඉහත සටහන් වල මෙම මෝටර් රථය මෑතකදී ලබාගත්තත් බව හැඟවෙන අයුරින් ද සටහන් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති වරුන් පසුගිය කාලයේ භාවිතා කළ රථ පිළිබඳව පළවූ වීඩියෝ දර්ශන කිහිපයක් පරීක්ෂා කළෙමු

එහිදී අපට පෙනී ගියේ 2020 නිදහස් දින උත්සවයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කර තිබුණේ මෙවැනිම රථයක් බවයි. එසේම මීට පෙර 2019 සහ 2018 වසර වල නිදහස් දින උත්සව සඳහා එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වී තිබුණේ ද මෙවැනිම රථයකින්. එම අවස්ථාවන්ට අදාළ විඩියෝ දර්ශණ පහතින්

2018 Independence Day (President Maithripala Sirisena Arrival)

2019 Independence Day (President Maithripala Sirisena Arrival)

2020 Independence Day (President Gotabaya Rajapaksa Arrival)

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් ගෙන්ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළා. ඔහු ද පවසා සිටියේද එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාවිච්චි කළේ මර්සිඩීස් බෙන්ස් S600 Maybach වර්ගයේ මෝටර් රථයක් බවයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මර්සිඩීස් බෙන්ස් S600 Maybach රථයක් පරිහරන කරන ඡායාරූප කිහිපයක් ම ඔහුගේ පාලන සමයේ පළවූ වාර්තා වල මෙසේ දැක ගන්නට ලැබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප ජනාධිපති ප්‍රවහාන අංශයට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අප හා සම්බන්ධවු ප්‍රවහාන අධ්‍යක්ෂක පැවසුවේ ජනපති ප්‍රවහාන සංචිතයේ ඇති මෙම මර්සිඩීස් බෙන්ස් S600 Maybach රථය 2017 වසරේ මෙරටට ආනයනය, වෙඩි නොවදින ලෙස නිපදවා ඇති මෙම රථය මෙරටට ගෙන්වා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ බවත්ය. එසේම වෙඩිනොවදින රථයක් බැවින් ලියාපදිංචි කිරිමට නීතිමය පසුබිමක් නොමැති බවත්ය. එමෙන්ම මෙම රථය ඇණවුම් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් බව වැඩිදුරටත් සඳහන් කළේය.

2017 අප්‍රෙල් මස Colombo Telegraph වෙබ් අඩවිය ඇතුළු වාර්තා කිහිපයකම මෙම රථයේ ආනයනික ලිපි ගොණුව යයි පෙන්වන ලියවිල්ලක් ද ඉදිරිපත් කර තිබෙණු දක්නට ලදි.

Colombo Telegraph | Archived

එම ලියවිලි පෙන්වමින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත් අය මෙවැනි සටහන් ඉහත හුවමාරු වන සටහන් වලට ප්‍රතිචාර වශයෙන් පළකර තිබුණි

මර්සිඩීස් බෙන්ස් Maybach මෝටර් රථ පිලිබඳ පළවූ වීඩියෝ කිහිපයක් මෙලෙසින්

Indian Express | MercedesBenz

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනපති ප්‍රවහාන සංචිතයේ ඇති මර්සිඩීස් බෙන්ස් S600 Maybach මෝටර් රථය ඇණවුම් කර මෙරටට ආනයනය කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ බවයි. ඉන්පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද ජනපති පදවියට පත්වීමෙන් පසු පරිහරණය කර ඇත්තේ සහ වර්තමානයේ භාවිතා කරන්නේ ද එම මෝටර් රථයමයි

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහන් නොමඟ යවන සුළු ආකාරයෙන් උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබු සටහන් බව පෙනී යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

Title:ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

Fact Check By: Sahan Perera
Result: Missing Context

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *