උතුරු මුහුදු ප්‍රදේශය අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8ක් නාවික භාරයට

0
උතුරු මුහුදු ප්‍රදේශය අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8ක් නාවික භාරයට

උතුරු මුහුදු ප්‍රදේශය අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8ක් නාවික භාරයට

තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ඊයේ (29)දින අත්අඩංගුවට ගත් බව නවික හමුදාව පවසයි.

උතුරුමැද සහ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී මෙලෙස ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව සමගින් ධීවර ආම්පන්න හා මසුන්ද සිය භාරයට ගත් බවයි එම නිලධාරින් සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාර දීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com