මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක්..!

මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක් සොයා ගැනේ

මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක් සොයා ගැනේ

මිනිස් සිරුරේ ඇති අළුත් අවයවයක් නෙදර්ලන්ත පිළිකා පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.

නෙදර්ලන්ත පිළිකා ආයතනයේ පර්යේෂකයන් විසින් සිදුකළ ටියුමර් ගැටිති සම්බන්ධයෙන් වූ පර්යේෂණයකදී උගුරේ උඩ කොටසේ තවත් ඛේඨ ග්‍රන්ථියක් තිබෙණු අහම්බෙන් සොයාගෙන ඇත.

Tubarial salivary glands (නාලිකා ඛේඨ ග්‍රන්ථිය) ලෙස නම්කර ඇති මෙම ග්‍රන්ථිය අඟල් 1.5 ක් පමණ දිග වන අතර නාසය සහ මුඛය පිටුපස උගුර ලිහිසි කර තෙතමනය ආරක්ෂා කරයි.

මෙම නව සොයා ගැනීම පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමෙදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බව, අධ්‍යයනයේ සම කතෘ නෙදර්ලන්ත පිළිකා ආයතනයේ විකිරණ පිළිකා රෝග විශේෂඥ වෝටර් වොගල් මහතා පැවසීය.

හිසෙහි සහ බෙල්ලේ පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා වන විකිරණ ප්‍රතිකාරයේදී ඛේඨ ග්‍රන්ථිවලට වැඩි අදානමක් ඇත. එවැනි ප්‍රතිකාරවලදී මෙම අළුත් ග්‍රන්ථි මගින් රෝගියා ආරක්ෂා කළ හැකිද යන්න පිළිබඳ පර්යේෂණ කිරීමට යන බව මෙම පර්යේෂණ කණ්ඩායම පවසා ඇත.

මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක්
මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *