නිව් ඩයමන්ඩ් නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යයි, ලංකාවට මිලියන 442ක් ගෙවයි

නිව් ඩයමන්ඩ් නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න නිවීම සඳහා වැයවූ මුදල වෙනුවෙන් රුපියල් මිලියන 442 ක් නෞකාවේ පාලනාධිකාරිය මඟින් ගෙවා ඇත.
ගින්න නිවීම සඳහා දායක වූ පාර්ශ්ව සඳහා මෙම මුදල ලබා දී තිබේ. කෙසේ වෙතත් නැවේ ගින්නත් සමඟ ඇතිවූ පරිසර හානිය වෙනුවෙන් වෙනම වන්දි මුදලක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
නෞකාව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජාරා වරාය වෙත රැගෙන යමින් පවතී.