ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි!
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අදාළ පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන ශාන්ත ජයතිලක විසිනි.
