ශ්‍රී ලංකා රේගුවේ ‘කඩදාසි රහිත ඩිජිටල් ක්‍රමවේදය’ ඔක්තෝබර් 01 සිට ඇරඹෙයි

0

​ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මකයි
​කොළඹ: ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ‘කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’ (Paperless Customs Declaration Process) ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

​මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත සංජීව පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී මෙය සිදුකිරීමට නියමිතය.
​මේ අනුව, සියලුම ආනයනකරුවන් සහ අපනයනකරුවන් විසින් සිය රේගු ප්‍රකාශන (CusDocs) සහ අනෙකුත් අදාළ ලිපිලේඛනවල වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වේ. මෙතෙක් පැවති ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීමක් ඉදිරියට සිදු නොකෙරේ.

​රටේ ආර්ථික ස්ථායීකරණය සහ රාජ්‍ය සේවා නවීකරණය කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස රේගු සේවාවන් ඩිජිටල්කරණයට ලක්කෙරේ. මෙමගින් රේගු නිශ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

​ශ්‍රී ලංකා රේගුව 2025 වසරේදී සිය ඉලක්කය වූ රුපියල් බිලියන 2,053 ක ආදායම ඉක්මවා යාමට සමත් වූ අතර, මෙම වසරේ පළමු මාස 08 තුළදී ද සෑම මාසයකම නියමිත ආදායම් ඉලක්කයන් අභිබවා යාමට සමත් වී තිබේ. නව ඩිජිටල් ක්‍රමවේදය හරහා මෙම ආදායම් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *