“සමගි ජන බලවේගය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මතය පිළිගන්නවා” – තිස්ස අත්තනායක

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

රජය විසින් යෝජනා කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට බලපෑමක් එල්ල කිරීමේ අවධානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මතයට එකඟ වන බව, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර විපක්ෂය ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මතයම ඉදිරිපත් නොකරන අතර අදහස් දෙකම එක සමාන බවයි. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එහි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හානි කරන විධිවිධාන අඩංගු බැවින් එය රටේ ජනතාවගේ යහපත උදෙසා සම්මත නොකළ යුතු යන්න සමගි ජන බලවේගයේ ස්ථාවරය බවයි.

විශ්‍රාමික හමුදා නිලධාරීන් රජයේ තනතුරුවලට පත් කිරීම යහපත් නොවන බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මතයට අපත් එකඟ වෙමු. එයින් අප රටේ ආරක්ෂක හමුදාව, පොලිසිය අවතක්සේරු නොකරන්නෙමු. ඔවුන් අපට සපයන සේවාව ඉහළින් අගය කරන්නෙමු. එයත් රාජ්‍ය පරිපාලනයත් අතරේ විශාල වෙනසක් තිබේ. ඒ නිසාම අපි පවසනුයේ රාජ්‍ය පරිපාලනයේ මිලිටරි මැදිහත් වීම සුදුසු නොවන බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් අදහස් දක්වයි. මෙවැනි තීරණ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය මෙවින් පවතින රටවලට විශාල ගැටලු ඇති කරයි. එය ජාත්‍යන්තරය විරසක කර ගැනීමක්. වෙනත් රටවල්වලින් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමට තරම් ලංකාව තවමත් දියුණු වී නොමැති බවත් රටේ තත්වය කෙරෙහි අවධානය යොමු කර තීරණවලට එළඹිය යුතු බවත් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *