විධායක බලය ක්‍රියාත්මක කිරීමට 19 බාධාවක් නොවේ – දේශපාලන විද්‍යාඥ මහාචාර්ය ජයදේව උයන්ගොඩ

දේශපාලන විද්‍යාඥ මහාචාර්ය ජයදේව උයන්ගොඩ

දේශපාලන විද්‍යාඥ මහාචාර්ය ජයදේව උයන්ගොඩ

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක බලය ක්‍රියාත්මක කිරීමට බාධාවක්ව පවතී යන්නට පැහැදිලි තර්කයක් ඉදිරිපත් කළ නොහැකි බව පවසා ඇති ප්‍රමුඛ දේශපාලන විචාරක මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බර් මාසයේ සිට අද වන තුරු 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තම විධායක බලය භාවිතා කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

රජය විසින් ඉදිරිපත් කර ඇති 20වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වෙමින් පවතින නොයෙකුත් තර්ක විතර්ක පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා, එම සංශෝධනය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව අනතුරු ඇඟවුවේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ,

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිගටම නොයෙකුත් උස් පහත්කම් බඳුන්වෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විය යුතුය යන්න මෑත කාලයේ සිට පැවත එන්නකි. විධායක බලය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය ඉක්මවා නොයා යුතුය. විධ‍ායක බලය ව්‍යවස්ථාදායකයට වගකිව යුතුය.

ව්‍යවස්ථාදායකය ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරයි යන පදනම යටතේ පාලන ක්‍රමයේ ප්‍රධාන පරිපාලන ඒකකය ලෙස පාර්ලිමේන්තුව පැවතිය යුතුය. පාර්ලිමේන්තුවටද විධායක බලයටද බාධාවන් සහ සමකිරීම් පැවතිය යුතුය. දේශපාලන බලයට එක්තරා සීමාවක් තිබිය යුතුයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය 1931 ට පෙර පැවති රජයේ ස්වරූපයක් ගන්නා බව දැනේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය තම අභිමතය පරිදි පාලනයකට ඉඩ සලසන බව සඳහන් කළ උයන්ගොඩ මහතා, එය ඒකාධිකාරී පාලනයක් ලෙස හැඳින්වීමෙන් වැලකී සිටියේය. ජනතාව මෙය කෙසේ හඳුනාගෙන තිබෙනවාද මම නොදනිමි. ටික කලකට පසු ජනතාව මෙය ගැන දැන ගනීවි යනුවෙන් අනතුරු ඇඟවුවේය.

ජාතික ආරක්ෂාවට පවතින ඕනෑකමද මෙම 20 වන සංශෝධනයට හේතු වුනේ ? යනුවෙන් මහාචාර්ය උයන්ගොඩගෙන් ප්‍රශ්න කළ විට “රටකට අභ්‍යන්තර මෙන්ම බාහිර ආරක්ෂාව වැදගත්. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජාතික ආරක්ෂාව පාවා දුන්නේ නෑ. පාස්කු ප්‍රහාරය සිදු වූ විට දේශපාලන නායකයන් තමයි වැරදි කළේ“ ලෙස පිළිතුරු දුන්නේය.

ව්‍යවස්ථාව සහ රජය ක්‍රියාත්මක කරවන තනිපුද්ගලයින් අතරේ වෙනස බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික ආරක්ෂාවට වුනේ කුමක්ද? එවෙලේ ජාතික ආරක්ෂාවට භාරව සිටි අයම වැරදි සිදු කළා. එය ව්‍යවස්ථාවේ වැරද්දක් නොවන බව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *