කමල් ගුණරත්න හා ශවේන්ද්‍ර සිල්වා කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ අවධානයක් අවශ්‍යයි – යස්මින් ශූකා

කමල් ගුණරත්න - ශවේන්ද්‍ර සිල්වා - යස්මින් ශූකා

කමල් ගුණරත්න - ශවේන්ද්‍ර සිල්වා - යස්මින් ශූකා

ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රවනතාවයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් මහත්මිය කළ ප්‍රකාශයකට ජාත්‍යන්තර ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂක යස්මින් ශූකා මහත්මිය අවධාරණය කර ඇත.

සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් නිකුත් කරන ලද නිවේදනයක තවදුරටත් සඳහන් කර සිටියේ,

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන පියවරයන් ඉතා නිෂේධාත්මක බවයි. කෙසේ නමුත් රාජපක්ෂ රජය යටතේ ඇති මානව හිමිකම් තත්වය එම කෙටි ප්‍රකාශයේ විස්තර කළ දෙයට වඩා කනස්සල්ලට කරුණකි.

ලංකාවේ මානව හිමිකම් තත්වය කෙරෙහි අවධානය යොමු කිරීම යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පෙන්වා දී තිබීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
යුධ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන් රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම පිළිබඳව මිචෙල් බැච්ලෙට් සිය අප්‍රසාදය පළ කර තිබේ. තවද 2009 යුද සමය තුල හමුදාවේ ප්‍රධාන තනතුරු දැරූ, වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ තවත් හමුදා නිලධාරීන් පිළිබඳව තම ප්‍රකාශයෙහි සඳහන් කර ඇත.

තවද මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකු ලෙස සිටියදී ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සැසිවාරයකට සහභාගී වීමට අවස්ථටව ලබා දීම පුදුමයට කරුණකි. තවද වර්තමානයේ සියලු බලතල තනි පවුලකට අයත් වීමද දැඩි අවධානයට යොමුකල යුතු දෙයකි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *