“අටල්”: ලොව දිගම අධිවේගී උමං මාර්ගය ඉන්දියාවේ

ලොව දිගම අධිවේගී

ලොව දිගම අධිවේගී

ලෝකයේ දිගම උමං මාර්ගය උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ මනාලි නගරයේ සිට ලඩක් ප්‍රාන්තයේ ලේ නගරය දක්වා කදු පන්තියක් හරහා අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් මෙම ඉදිකිරිම් සම්පුර්ණ කර තිබේ.
“අටල්” නමින් හදුන්වන මෙම උමං මාර්ගයේ දිග අඩි 10,040 ක් පමණ වන මෙහි පළල මිටර 10.5 ක් වේ. සෑම මීටර් 60 ක දුර අතර සවිකර ඇති CCTV කැමරා පද්ධති 300 කින් සමන්විත වේ. තවද උමග තුළ සෑම මීටර් 500 අතර හදිසි පිටවීමේ උමං මාර්ගද මෙහි නිර්මාණය කර තිබේ.
මෙම උමග නිම කිරීම සඳහා ඇස්තමේන්තුගත කාලය වසර 6 ක් වු නමුත් එය නිමකිරිමට ඉංජිනේරුවන්ට වසර 10 ක කාලයක් ගතවි තිබේ.ඒ සදහා වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 3,200 කි.
මෙම උමග මගින් මනාලි සහ ලේ අතර දුර කිලෝමීටර් 46 කින් අඩු කර ගත හැකි බවත් එමගින් පැය හතරක කාලයක් ඉතිරි කර ගත හැකි බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
මෙම උමං මාර්ගය මෙම මාසයේදී එරට අගමැතිවරයා විසින් විවෘත කිරිමට නියමිතය.

ලොව දිගම අධිවේගී

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *