Type to search

අවුරුදු දෙකකින් විශ්‍රාම ගන්න කිසිම සැලැස්මක් නැහැ – අගමැති මහින්ද

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

වසර දෙකකට පසු විශ්‍රාම ගැනීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉංග්‍රීසි මාධ්‍යයකට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
˝වසර පහකට ජනතාව විසින් මාව තෝරා පත්කරලා තියෙනවා.” එනිසා තම ධූර කාලය අවසන් වීමට පෙර විශ්‍රාම නොයන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ˝වසර දෙකකට පසු මට ධූරයෙන් ඉවත් වීමට අවශ්‍ය නැත˝ යැයි ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද ලක්ෂ පහකට වඩා ලැබුණි. මෙවැනි තත්වයකදී තවත් වසර දෙකකින් එනම් 2022 වර්ෂයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් වන බව මාධ්‍යය විසින් වාර්තා කර තිබීම සදහන් කළ යුතුය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *