WHO වෙතින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂ සම්මාන දෙකක්

WHO වෙතින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂ සම්මාන දෙකක්

WHO වෙතින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂ සම්මාන දෙකක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව “මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ” සහ “රුබෙල්ලා වෛරසයෙන් තොර රටක්” ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වෙත ප්‍රදානය කිරීම ඊයේ දින (10) සිදු විය.

තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් පෙරේදා(09) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දෙවන දින වන අද දින එම විශේෂ සම්මාන දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී සිදු විය.

මව ගර්භනී සමයේ දී එච්.අයි.වී. ආසාදනයට ලක්‌වී තිබිණි නම් තම දරුවාට ආසාදනය බෝවීමේ හැකියාව පවතින අතර, මෙරට සෞඛ්‍ය අංශ විසින් එසේ මවගෙන් දරුවාට එච්.අයි.වී ආසාදනය වැළැක්වීම සදහා පියවර රැසක් ගෙන තිබුනි.

එමෙන්ම 1996 වසරේ දී ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන සදහා රුබෙල්ලා එන්නත හදුන්වා දෙන ලද අතර, එහිදී වයස අවුරුදු 11-44 අතර කාන්තාවන් සහ වයස අවුරුදු 11-15 අතර ගැහැණු දරුවනන්ට ද, පාසල් මට්ටමින් ද, අනෙක් වයස් කාණ්ඩ සදහා ප්‍රතිශක්තීකරණ සායන හරහා ද එම එන්නත ලබාදෙනු ලැබිනි.

2020 වන විට රුබෙල්ලා වෛරසය ලංකාවෙන් තුරන් කිරීම සදහා වූ කඩිනම් ඉළක්කගත සැළැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ලද අතර, එම සැළැස්ම සියයට සියයක්ම සාර්ථක විය. මෙම ක්‍රියාන්විතයන් පිළිබද අවධානය යොමු කළ ලෝක සෞඛ්‍ය සංවිධානය අද දින  දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දී මෙම විශේෂිත වූ සම්මාන දෙක ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදු කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරය සදහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු කළාපීය රටවල් 11 ක  අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් සහභාගී වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *