(Video) ‘‘පාත් ෆයින්ඩර්‘‘ මිලින්ද මොරගොඩ එන්නෙ හොඳකට නොවෙයි අවදියෙන් හිටපල්ලා – ජාතික සංවිධාන

පාත් ෆයින්ඩර් - මිලින්ද මොරගොඩ

පාත් ෆයින්ඩර් - මිලින්ද මොරගොඩ

‘පාත්ෆයින්ඩර්’ ආයතනයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් ගෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද මාධ්‍ය වාර්තා කර ඇත.රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුට මෙවැනි විශේෂ බලතල ලබාදීමට තීරණය කර තිබෙන්නේ පළමු වන වරටය.
මිලින්ද මොරගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති උපදේශකයෙකු ලෙස ඉකුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේද කටයුතු කලේය.

එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ආණ්ඩු දෙකක් නියෝජනය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩට මෙවැනි තීරණාත්මක තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ ‘ජාතික සංවිධානය’ දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිති.
”පාත් ෆයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ, ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින අයකු බවද ඔවුන් පවසති.
මිලින්ද මොරගොඩ ඉන්දියාව සහ ඇමරිකාවේ උපායමාර්ගික උවමනාවන් ඉතා හොඳින් ඉමටුකළ හැකි පුද්ගලයෙකු බවට ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු විසින් ලබාදුන් සහතිකයක් ‘විකිලික්ස්’ මඟින් මිට ඉහත දී අනාවරණය කර තිබු බවද ඔවුන් පෙන්වා දෙයි.

“ජාතික සංවිධාන එකමුතුවේ” මාධ්‍ය හමුවවේ කොටසක් පහත දැක්වේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *