ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති වැරැද්දක් කරත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බෑ – හර්ෂ ද සිල්වා

"ජනපති ගෝඨාභයගේ කළමනාකරණය අසාර්ථකද?" - ප්‍රශ්න නඟන විරුද්ධ පක්ෂය

"ජනපති ගෝඨාභයගේ කළමනාකරණය අසාර්ථකද?" - ප්‍රශ්න නඟන විරුද්ධ පක්ෂය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති විසින් යම්කිසි පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කරනු ලැබුවත්, එම පුද්ගලයාට ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගත නොහැකි තත්ත්වයක් ඇති වේ යැයි ජාතික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ජාතික සමඟි ජන බලවේග මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක දී මෙලෙස ප්‍රකාශ කළ ඔහු, තව දුරටත් පැවසුවේ,

ඒකාධිපති ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කළහ. මෙය අහෝසි කිරීමෙන් නැවතත් එවැනි ක්‍රියාමාර්ග ආරම්භ වේ. තනි පුද්ගලයෙකු වෙත ලබා දී තිබූ බලතල 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව වෙත පවරන ලදී. රජය ප්‍රකාශ කරන පරිදි මෙන්ම බහුතර බලය ලැබී තිබීම නිසා මහජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් නොවේ.

ජනාධිපතිට විරුද්ධව නඩු පැවරීමට නොහැකි බව ව්‍යවස්ථානුකූලව 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් කර තිබේ. මෙම තත්ත්වය මත ජනාධිපති විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් කළහොත් ඔහුට විරුද්ධව නීතිපතිට නඩු පැවරිය හැකිය, යන නීතිය පනවා තිබුණත් එය 20 වන සංශෝධනයෙන් වෙනස් කිරීමට උත්සාහ කර ඇත. මෙවැනි තත්ත්වයක් මත ජනාධිපති විසින් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *