මෙතරම් වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වන්නේ කොහොමද ? – ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රශ්න කරයි

මෙතරම් වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වන්නේ කොහොමද ? - ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රශ්න කරයි

මෙතරම් වැඩි සංඛ්‍යාවක් අතුරුදන් වන්නේ කොහොමද ? - ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රශ්න කරයි

රටක ප්‍රබල ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් තුළ අධික පිරිස් සංඛ්‍යාවක් අතුරුදන් වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය අප මතුකළ යුතුයි,ඒ අතරම බලෙන්ම අතුරුදන් කළ අය පිළිබඳවු ගැටලුව නීතිමය කටයුත්තක් ලෙස නොබලා දේශපාලනමය ගැටලුවක් ලෙස සලකා කටයුතු කිරීම යෝග්‍ය බවත් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය(international Amnesty) පෙන්වා දෙයි.

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය (30) නිමිත්තෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධාන විසින් විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදී. ඇතැම් විරෝධතා පොලීසියේ මැදිහත් වීමෙන් වලකනු ලැබීය. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමට පත්නොවන බවටත්, මෙම සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවටත් අවධාරණය කර සිටියි.

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පවත්වන ලද විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාර
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පවත්වන ලද විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාර

අතුරුදන්වූවන් ලෙස කිසිම කෙනෙකු නොමැති බවත් ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යන්නට ඇතැයිද, සමහරෙක් පිටරටවලට යන්නට ඇතැයිද, රජය විසින් කළ ප්‍රකාශය රජයේ අවසන් ස්ථාවරයදැයි අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසූ විට, ඔහු එය රජයේ අවසන් ස්ථාවරය බව පවසා සිටියේය.

තවද අතුරුදන්වූවන් පිළිබඳ ක්‍රියාත්මක වන කාර්යාලය මතුවටත් ක්‍රියාත්මක වීමට රජය අවසර ලබා දෙනුලබයි ද? යන ප්‍රශ්නය මතු කළ විට, රජය විසින් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *