(Video) තෙහැවිරිදි දැරියක් සරුංගලයකට ඇදී ඉහළ ගිය බිහිසුණ සිදුවීම

තෙහැවිරිදි දැරියක් සරුංගලයකට ඇදී ඉහළ ගිය බිහිසුණ සිදුවීම

පසුගිය සතිඅන්තයේ උතුරු තායිවානයේ හින්චු නගරයේ සරුංගල් පියාසර කිරීමේ උත්සවයකදී 3 හැවිරිදි දැරියක අහසට ගසාගෙන යාමේ සිදුවීම ඇතුළත් වීඩියෝ ඊයේ දිනයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබේ.මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ පා ඇත්තේ ලින් නමැති දැරියකි.

දෙමාපියන් සමග සරුංගල උත්සවය නරඹන්නට ගිය ඇයවිශාල වල්ගය සහිත සරුංගලයක් ඉහළට නංවන අවස්ථාවක එම වල්ගය කෙළවර අල්ලා සිටීම නිසා මෙලෙස ගසාගෙන ගොස් තිබුණි.
එකවිට ඇති වූ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙසේ මෙම දැරිය අහසට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඉහළ අහසේ මීටර 100 ක් පමණ ඉහළට ඇය සරුංගලය සමග ඇමිණී සිටි අතර වාසනාවකට ඇය එය දිගටම අල්ලා සිටි අතර සරුංගලය යැවූ අය එය ඉක්මනින් පහතට ගන්නට ක්‍රියා කළෙන් දැරිය නැවත පොළවට වැටීමට මත්තෙන් එහි සිටි පුද්ගලයින් විසින් ඇයව අල්ලාගෙන ඇයගේ දිවිය නිරුපද්‍රිතව බේරාගන්නට හැකි විය.දරුවා ගේ අන්තරාය නරඹන්නන්ගේ භීතියට හා කෑගැසීමට හේතුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *