අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිව රෝගාතුරව මාස 5ක කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින රම්සි රාසික්

0
රම්සි රාසික්

රම්සි රාසික්

වැලිකඩ බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබන සමාජ ක්‍රියාකාරී රම්සි රාසික් හට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරයන් නොමැතිව දුක් විඳින බව පැවසේ. ඔහුගේ අතෙහි ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇතත් ඒ සඳහා ජාතික රෝහලකට ඔහුව රැගෙන යෑමට කල් ගත කරන බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසති.

මුහුණු පොතේ පල කළ සටහනක් සම්බන්ධයෙන් සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් නීතිය (ICCPR) යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. මෙතෙක් මහේස්‍රාත් අධිකරණයේ විභාග කළ මොහුගේ නඩුව ලබන මේ මස 17 වන දින ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.

රම්සි රාසික් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රකාරව දැක්වු නිහතමානී අදහස් නිසා ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති බව සිවිල්, සමාජීය සහ මානව අයිතිවාසිකම් සංවිධාන දොස් නගති. තවද ඔහුගේ නිදහස වෙනුවෙන් නොයෙකුත් දේශීය මෙන්ම විදෙස් මානව අයිතිවාසාකම් සංවිධාන හඬනගන අතර ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතු බව අපේක්ෂා කරති.
-MediaLK-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com