සියලු රාජ්‍ය අමාත්‍යාංශ ජනපතිගේ පෞද්ගලික අධීක්ෂණයට

දැන් මොකටද කළු කොඩි දාන්නේ? – ජනාධිපති ගෝටාබය රාජපක්ෂ

දැන් මොකටද කළු කොඩි දාන්නේ? – ජනාධිපති ගෝටාබය රාජපක්ෂ

නව ආණ්ඩුව යටතේ පත් කරන ලද සියලු රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

සෞභාග්‍යයේ දැක්ම යටතේ රාජ්‍ය අමාත්‍යාංශ පස් අවුරුදු සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු ආකාරය රාජ්‍ය අමාත්‍යවරුන් වෙන් වෙන්ව ගෙන්වා සාකච්ඡා කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ 40න් අමාත්‍යාංශ 8ක් මේ වන විටත් ගෙන්වා ඉදිරි සැලසුම් සාකච්ඡා කොට ඇති අතර කඩිනමින් ඉතිරි අමාත්‍යාංශත් ගෙන්වා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ, වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත්, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍යාංශ මේ වන විට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවලට එක්ව තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ විෂයන් බෙදා දීමේ දී අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රමවේදය වඩාත් සාර්ථක වීමට නම් එම අමාත්‍යාංශ විධිමත් ආකාරයෙන් අධීක්ෂණයකට ලක්විය යුතු බව ජනාධිපති රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත.
-dinamina-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *