කොටීන් යාපනය අල්ලා ගැනීම වැලැක්වූ පකිස්තානය – විදේශ ලේකම් ජයනාත් කොළඹගේ

පකිස්තානය - විදේශ ලේකම් ජයනාත් කොළඹගේ

පකිස්තානය - විදේශ ලේකම් ජයනාත් කොළඹගේ

එල්.ටී.ටී.ඊ.ය විසින් යාපනය අල්ලා ගැනීම වලක්වාලීමට පකිස්තානයේ සහාය නිසා හැකි වූ බව නව විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත්,

ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් රටවල් දෙකක්. එක් රටක් අනෙක් රටට එරෙහිව ශ්‍රී ලංකාව භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුයි. බටහිර රටවල් පදනම් වූ විදේශ ප්‍රතිපත්තියෙන් මිදීමට කාලය එළඹ ඇත. දකුණු ආසියාවේ ඉන්දියාව සහ පකිස්තානය අතර අන්‍යෝන්‍ය ගැටලු තිබේ. ඒ දෙදෙනාම අපේ මිතුරන්ය, අර්බුදකාරී කාලවලදී ඔවුන් දෙදෙනාම අපට උදව් කර ඇත.

එල්.ටී.ටී.ඊ.ය විසින් යුද්ධය අතරතුරදී දියත් කළ මෙහෙයුම් වලදී අපට උතුර අහිමි විය. පකිස්තානය අපට බහුනල රොකට් ලෝන්චර්ස් ලබා දී උදව් කළා. ඔවුන්ගේ මෙහෙයුම් සඳහා භාවිතා කළ ආයුධ වලින් ගුවනින් ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නා. ඒවායින් එල්.ටී.ටී.ඊ.ය යාපනය අල්ලා ගැනීම වළක්වන්න පුළුවන් වුනා. පකිස්තානය කළ ඒ උපකාරය විශේෂයි.

ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් දෙකම අපට වැදගත්. ඉන්දියාව අපේ අසල්වැසියා. මුළු ලෝකය සමග හොඳ සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *