රජයට “මේ නිසා ඒක නෑ , මේක නෑ, ඒක මදි” යනාදී හේතු කියා ගැලවිය නොහැක – හරීන් ප්‍රනාන්දු

0
අයි.එස්.අයි.එස් සමඟ ගනුදෙනු කරන ආණ්ඩුවේ හිතවතෙකු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හෙළි කරයි

අයි.එස්.අයි.එස් සමඟ ගනුදෙනු කරන ආණ්ඩුවේ හිතවතෙකු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හෙළි කරයි

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව අඩු කර ඇතත්, සමාගම් පිළිබඳ ගැසට් නිවේදනය යෙන් ,එක් පවුලකට කොපමණ සමාගම් ප්‍රමාණයක් වෙන් කර ඇත්දැයි දැන ගත හැකි බව සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සමඟි ජන බලවේග කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එතුමා තවදුරටත් අදහස් දක්වමින්,
රජය සිය පළමු වටයේදී ව්‍යවස්ථාමය වෙනසක් සිදු කරනු ඇත. එය කරනු ලබන්නේ කවුරු වෙනුවෙන් දැයි එවිට දැනගත හැකිය.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි ජනතාවට දොස් නොකියමු. රජයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබී ඇත. මෙම විශිෂ්ඨ ජයග්‍රහණය කුමන පැත්තට හැරෙනු ඇත්ද යන්න අනාගතයේදී බලා ගත හැකිය.

මෙම සියළු තත්වයන් මධ්‍යයේ ඡන්දය දුන් සහ නොදුන් අය සඳහා විපක්ෂයේ වගකීම ඉටු කිරීමට අපි කැපවී සිටිමු.

රු.65/= කට පරිප්පු , රු.100/= කට ටින් කළ මාළු ලෙස පවසමින් ආරම්භ කරන ලද රජයට දැන් තුනෙන් දෙකක බහුතරයක් ඇති නිසා, ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. අපි විපක්ෂය ලෙස මහජනතාව වෙනුවෙන් හඬ නගමු. විපක්ෂයක් ලෙස අපට වෙනම බලයක් ලබා දීම ගැන අපි ඔබට ස්තූති වන්ත වෙමු.

ජනාධිපති, අගමැති ධූරයත් සමඟ තුනෙන් දෙකක බහුතර බලයද ඇත. මේ නිසා ඒක නෑ , මේක නෑ, ඒක මදි , මේක මදි තුනෙන් දෙකක බහුතරය නෑ, මේ නිසා මේක කරන්න බෑ යනාදී කතා අදින් අවසන් ය.

2015 වසරේදී බලයට පැමිණි රජයේ වැරදි හේතු කොට ගෙන ජනතාව තුනෙන් දෙකක බහුතර බලය ලබා දී ඇති බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com