මහින්ද ශක්තිමත් නායකයෙක්, මෛත්‍රී පක්ෂය විනාශ කළා – හිටපු ජනපති චන්ද්‍රිකා

හිටපු ජනපති චන්ද්‍රිකා

හිටපු ජනපති චන්ද්‍රිකා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය තමන් පිළිනොගන්නා නමුත් එතුමා ශක්තිමත් නායකයෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවයි මෙහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියේ.

මේ වන විට නිදහස් පක්ෂය කොහෙද කියා තමන් සොයන බවත් පක්ෂය හාන්සි වී ඇති බවත්ය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ පිරිසක් ජයග්‍රහණය කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවෙන් පසුව පළමු වරට පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම හැමතැනම හොයනවා.මෛත්‍රීපාල සිරිසේන අවුරුදු පහක් තිස්සේ විනාශ කළා. රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය මම පිළිගන්නේ නෑ..නමුත් එතුමා ශක්තිමත් නායකයෙක්..”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මට කණගාටුයි. අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ.. සිරිසේන කැත විදිහට පක්ෂය විනාශ කළා. බැනුම් ඇහුවා , අපිව පරද්දන්න කියලා කිව්වා. දැන් ලැජ්ජා සහගත විදිහට අමාත්‍යාංශ කිහිපයක් දීලා තියෙනවා.”

“අපේ පක්ෂයේ සභාපතිට මොකුත් නෑ. ලේකම්ට බතික් අමාත්‍යාංශය..ඒකට ආයතන මොකුත් නෑ… අලුත් නායකත්වයක් යටතේ අපේ පාක්ෂිකයින් අතරින් තෝරාගෙන පක්ෂය ඉදිරියට ගෙනියනවා. එහෙම කරන ඕනකෙනෙකුට මගේ සහයෝගය ලැබෙනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *