අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යන දෙදෙනාගෙන් එක් හිමිනමකට හිමි වේ.
වේදිනිගම විමලතිස්ස හිමියන්
නමුත් මේ වනවිට කිසිදා නොවූ විරූ අන්දමේ අර්බුදයක් එම පක්ෂය තුළ හටගෙන තිබේ. ඒ එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදහන් වීම නිසාවෙනි.
උන්වහන්සේ කිසියම් ප්‍රදේශයකට පැනගොස් සැඟවී සිටින බවට එම පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සැක කරයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සන නොමැතිව ඥානසාර හිමියන් හෝ රතන හිමියන්ව මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීම සිදුකරන්නේ නැත.