මහාචාර්ය ජයන්ත ධනපාල මහතාගේ තනතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයට …

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික මහාචාර්ය ජයන්ත ධනපාල මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස් වීමේ ලිපිය මේ වන විටත් ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ. තම ඉල්ලා අස්වීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ, ඔහුගේ අසනීප තත්ත්වයයි.

ඔහුගේ අසනීප තත්ත්වය මත ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිගෙන තිබේ.

මේ හේතුව මත පුරප්පාඩු වූ සාමාජික තනතුර සඳහා වෙනත් අයෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ඇත. බොහෝ විට නව පත් කිරීම මහ මැතිවරණයෙන් පසුව සිදු වේ යැයි බලාපොරොත්තු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *