වවුනියා කාන්චිරමෝට්ටයි ජනතාවගේ නැවත පදිංචියට වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවෙන් බාධා..

කාන්චිරමෝට්ටයි ප්‍රදේශයෙහි ජනතාවගේ නැවත පදිංචියට වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන්ගෙන් බාධා එල්ලවන බවට දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් සහ එම පක්‍ෂයේ වන්නි දිස්ත්‍රික්ක අපේක්‍ෂක සිවශක්ති ආනන්ද මහතා පවසයි.

ජනතාවගේ ජීවන අයිතිය උල්ලංඝණය කරන වන සංරක්‍ෂණ දෙපාර්තුමේ නිළධාරීන්ගේ මෙම කටයුත්ත සම්බන්‍ධයෙන් ජනාධිපති තුමන් වහාම පියවරක් ගත යුතු බව හෙතෙම අවධාරණ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් සිවශක්ති ආනන්දන් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්වන්නේ..

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොඨාශයට අයත් කාන්චිරමෝට්ටයි සහ නාවලර් ප්‍රදේශයෙහි ජනතාවට නැවත පදිංචිවීමේදී වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් විසින් බාධා එල්ලකරන බව පවසා පසුගිය 21 වන දා සිට විරෝධතාවක් පවත්වාගෙන යන අතර, ඉකුත් ප්‍රදේශයෙහි ජනතාව 1947 වසරේ සිට පාරම්පරිකව ජීවත් වෙති.

මෙම ප්‍රදේශයෙහි ජනතාව අවස්ථා ගණනාවක් අවතැන්ව ගොස් නැවත පදිංචියට පැමිණ වසර දෙකහමාරක කාලයක් අවසන්වී ඇති නමුත් මෙතෙක් එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් කිසිවක් සපයාදී නොමැත. විශේෂයෙන් අතහැර දැමූ තම ඉඩම්වල ජීවනෝපාය සඳහා වගා කටයුතුවල යෙදීමට ද වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරින් බාධා එල්ල කරමින් සිටියි. එපමණක් නොව එම ජනතාව තම ඉඩම්වල ජීවනෝපාය කටයුතු සිඳු කිරීමට එරෙහිව අධිකරණයට යෑමට ද වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් උත්සහ කරමින් සිටියි. තවද එම ප්‍රදේශයෙහි ජනතාවට අවශ්‍ය මාර්ග අලුත්වැඩියා කටයුතු, විදුලිය වැනි පහසුකම් ලබාදීමේ කටයුතු ද වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් මැදිහත්වී නවතා දමා තිබේ.

මෙම ප්‍රදේශයෙහි ජනතාවගේ නැවත පදිංචියට වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුව බාධා නොකළ යුතු යැයි දිස්ත්‍රික්ක හාා ප්‍රාදේශීය සම්බන්‍ධීකාරක රැස්වීම්වලදී යෝජනා රැසක් නිසිලෙස සම්මත කර ඇති නමුත් එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට ද වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුව බාධාර කරමින් සිටියි.

යුද්දයෙන් බොහෝ දෑ අහිමිවූ ජනතාව නැවත තම ඉඩම්වල පදිංචිවී තම ඉඩම්වල වගා කිරීමටත්, ඉඩම් පිළිසකර කිරීමටත් ඔවුන් සඳහා මාර්ග අලුත්වැඩියා කර විදුලිය වැනි යටිතල පහසුකම් ද සපයාදීමටත් අවශ්‍යවී ඇති තත්වයක වන සංරක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන්ගේ මෙවැනි ක්‍රියාකලාපය මානුෂීයභාවය වලදමන කටයුත්තක් බව දැකිය හැක.

එමෙන් නිළධාරීන්ගේ මෙවැනි නොසුදුසු ක්‍රියා කටයුතු සම්බන්‍ධයෙන් අවස්ථා ගණනාවකදී අදාල අමාත්‍යවරුන්, නිලධාරීන් වෙත පෙන්වාදී ඇති නමුත් එය නොසැලකිලිමත්ව තිබෙන හෙයින් ජනාධිපති තුමන් වහාම මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර නිසි පියවරක් ගත යුතු යැයි ඉල්ලා සිටින්නෙමි. යැයි වැඩිදුරටත් පවසා තිබේ.

ස්තුතියි – ග්ලෝබල් ටැමිල් නිව්ස්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *