මහ මග වැටී සිටි පුද්ගලයෙකුගේ දිවි බේරාගත් හිමි නම

වවුනියා – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයෙන් බිමට වැටී තුවාල වී සිටි පුද්ගලයෙකුව රෝහලට ඇතුළත් කිරීම සඳහා හිමිනමක් විසින් පියවර ගෙන තිබේ.

එම අවස්ථාවේදී කිසිඳු කෙනෙකු තුවාල වී සිටි පුද්ගලයාව රෝහල වෙත රැගෙන යාම සඳහා මුල් වී නොමැත.

මේ අවස්ථාවේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි හිමිනමක්, තමාගේ ගමන නවතා තුවාල ලද පුද්ගලයා තම ත්‍රී රෝද රථයට නංවා රෝහල වෙත පිටත් කර යවන ලදී.

තුවාල ලද පුද්ගලයා වවුනියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව දැනුම් දී තිබේ.
-tamilwin-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *