ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් අතර විශේෂ සාකච්ඡාවක්!

0

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සුහද හමුවක්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේ කුල්කර්ණි (Maitrey Kulkarni) මහතා සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

නිල සුහද හමුවක් ලෙස පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. විශේෂයෙන්ම ඉන්දියාවේ ඓතිහාසික සංස්කෘතික උරුමයන් සහ ඒ හා බැඳුණු අගයන් පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන කටයුතු සහ ඊට අදාළ අනාගත සැලසුම් සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. දෙරටට වැදගත් වන තවත් විවිධ කරුණු සහ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාර්ථකව සාකච්ඡා කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික බැඳීම තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම හමුව පවත්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed