නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විදුහල්පතිවරුන් සහ නිලධාරීන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන මධ්‍යස්ථාන 100කදී ඇරඹේ!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුයුක්ත නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ වී තිබේ.
ඒ අනුව, දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 100කදී ඊයේ (12) සහ අද (13) යන දෙදින පුරා මෙම වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන අතරතුරදී, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු සහ අපේක්ෂිත ප්‍රතිඵල, සංශෝධිත ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලනය, භෞතික සම්පත් සංවර්ධනය සහ පාසල් පාදක ඇගයීම් හා සහතික කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහභාගී වන්නන් දැනුවත් කෙරේ.
නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන පද්ධතියේ සියලුම පාර්ශ්වකරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දීම මෙන්ම, ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතාවලින් අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
නොවැම්බර් 19 වැනිදා සියලුම පාසල්වල පැවැත්වීමට නියමිත ගුරු දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම ද තවත් අරමුණකි.
මේ අතර, මෙම වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව සියලුම දෙමාපියන් නිසි ලෙස දැනුවත් කිරීම තහවුරු කිරීම සඳහා එක් එක් පාසලට වෙන් කෙරෙන දින ගණන එම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව තීරණය කෙරේ.
