ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට (NAITA) අලුතින් 41 දෙනෙකුට පත්වීම්
ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියට නව පත්වීම් 41ක්
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහා බදවාගත් 41 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහා නවක පත්විම් ප්‍රදානය නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එම අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර් මහතාද ඊට එක්ව සිටියේය.
පරික්ෂක, කළමනාකරණ, සහකාර, උපදේශක, පොත්තබන්නා, රියදුරු, ආදි තනතුරු සඳහා මෙම බදවාගැනීම සිදුකර තිබේ.
