සෞදියේ සිරවී සිටින ශිවරාසා අනෝජන් වෙනුවෙන් ජනාධිපති සහ රජය මැදිහත් වෙයි

0

​සෞදි අරාබියේදී අධිකරණ තීන්දුවකට යටත්ව සිරදඬුවම් විඳිමින් සිටින ශිවරාසා අනෝජන් නැමැති ශ්‍රී ලාංකිකයා නිදහස් කරගැනීම සඳහා ජනාධිපතිතුමා, අමාත්‍යවරුන් ඇතුළු සමස්ත රජයම පක්ෂ පාට භේදයකින් තොරව පූර්ණ මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව අකුරණදී පැවැති හමුවකදී සඳහන් විය.

​අකුරණ මස්ජිද් සම්මේලන (අස්නා මධ්‍යම පල්ලිය) පරිශ්‍රයේදී අදහස් දක්වමින් වගකිවයුතු නියෝජිතයෙකු සඳහන් කළේ, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ එකම ප්‍රාර්ථනය වන ශිවරාසා අනෝජන් උදෙසා අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි.

​මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හරහා සටහන් තැබීමට වඩා මෙම ගැටලුව ගැඹුරින් නිරාකරණය කරගැනීම ප්‍රධාන අරමුණ වී ඇති බවත්, ඒ සඳහා විධිමත් නීතිමය ක්‍රියාමාර්ග, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මෙන්ම පුද්ගලික මට්ටමේ සබඳතාද උපරිමයෙන් භාවිතා කරමින් පවතින බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *