සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදුදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

0
සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදුදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදුදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනාධිපති මන්දිර කිහිපයක් පවත්වා ගෙන යනු ලැබූවද එම මන්දිර වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත කරනු නොලබන ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති ජනාධිපති මන්දිරයන් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීම පිණිස ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය, අනුරාධපුරය ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත බදු දීමට නියමිතයි.

ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම් සහිත එම මන්දිර අංග සම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ශනීය ආකාරයේ බිම් සැකසුම්වලින් සමන්විත අතර දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන එම මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කළ යුතුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com