වනජීවී දෙපාර්තමේන්තුවට අලුතින් වාහන

0
වනජීවී දෙපාර්තමේන්තුවට අලුතින් වාහන

වනජීවී දෙපාර්තමේන්තුවට අලුතින් වාහන

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

පරිසර අමාත්‍යංශය යටතේ පවතින වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බිට්ටු කාර්යාල වල කටයුතු තවදුරත් පහසු කර ගැනීම සදහා අත්‍යාවශ්‍ය වාහන මිලදී ගත යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි විය.

අලිමිනිස් ගැටුම් සහ වන හානි වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශයන් වල අඩවි වන කාර්යාල සදහා මෙම වාහන ලබා දීමට අවධානය යොමුව ඇති අතර ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 40ක් මෙහිදී අමාත්‍යතුමන් විසින් සංකේතාත්මකව වනජිව් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා වෙත බත්තරමුල්ල දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.

ගරු අමාත්‍යතුමා වෙත කැබ් රථ නිල වශයෙන් භාර දීම යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ බුද්ධික සිංහගේ මහතා විසින් සිදු කළ අතර ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම වෙනුවෙන් යතුරු පැදි පිරිනැමිම අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ මහතා අතින් සිදු විය.

අනෙකුත් යතුරුපැදි සහ රථ වාහන අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ප්‍රාදේශීය වනජීවී කාර්යාල තුලින් බෙදා දීමට නියමිතව ඇත. වාහන 294ක් මිලදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් යතුරු පැදි 181ක්, ට්‍රැක්ටර් 09ක්, අත් ට්‍රැක්ටර් 01 සහ කෲ කැබ් 3 ඒ අතරට අයත් වේ.

ඩිමෝ (DIMO) ආයතනය විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ආනයනය කරන ලද ට්‍රැක්ටර් රථ 09ක් එම ආයතනයේ දෙමටගොඩ අංගනයේදී පරිසර අමාත්‍යතුමන් විසින් ඉකුත් 20 දින වනජිව් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින මානව සහ භෞතික සම්පත් හිගය මග හරවා ගැනීම සදහා වර්තමාන රජය බලයට පත් වීමෙන් අනතුරුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර එහි ප්‍රධානතම වැඩපිළිවෙලක් ලෙස මෙලෙස වාහන මිලදී ගැනීම හඳුන්වාදිය හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com