ඩෙංගු මරණ තවදුරටත් ඉහළට; රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි
ඩෙංගු මරණ තවදුරටත් ඉහළට; රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව මේ දක්වා ඩෙංගු වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 82,011කි. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන පරිදි මේ දක්වා කාලය තුල පුද්ගලයින් 61 දෙනෙකු ඩෙංගු රෝගය නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,395කි. දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,294ක් ලෙසද සටහන් වී තිබේ.
එමෙන්ම වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් ඉදිරියෙන් පවතින අතර වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388ක් ලෙස සටහන් වී ඇත.
දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,419ක් බව ඩෙංගු මර්ධන ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.
දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අවධියට අධි අවදානම් කළාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.




